Header Sinhala

20th December 2022 16:09:13 Hours

53 පාබල සේනාංකය (ආර්එස්එෆ්) විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරඟාවලිය

විශ්ව ළමා දිනය නිමිත්තෙන් 53 පාබල සේනාංකය (ආර්එස්එෆ්) විසින් චිත්‍ර තරඟයක් 2022 නොවැම්බර් 19 වන දින තොලොඹුගොල්ල මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී. තරගය සඳහා පාසල් සිසුන් 600ක් පමණ සහභාගි වී සිටි අතර, සියලු දෙනාටම ඇගයීම් සහතිකයක් සහ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමිණි.

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශානක රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මත මෙය සංවිධානය කරන ලද අතර ගලේවෙල මහජන බැංකුව සහ ‘‘Pride March’’ යෞවන සමාජය විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්පිඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා සහභාගී විය.