Header Sinhala

29th August 2023 12:35:27 Hours

53 පාබල සේනාංක මූලස්ථානයේ 27 වන සංවත්සර උත්සවයේ විශේෂ ඡායාරූප හා විස්තරය ඉදිරිපත් කිරිම

53 පාබල සේනාංක මූලස්ථානය ස්ථාපිත කර 2023.08.24 වන දිනට වසර 27 ක් සපීරීම නිමිත්තෙන් හබරණ ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි මෙම කඳවුරු පරිශ්‍රය තුල 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩීසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව අදාල සංවත්සරය උත්සවශ්‍රියෙන් යුතුව සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් සමරනු ලැබීය.

මෙම සුවිශේෂි අවස්ථාව සඳහා සහභාගිවූ සේනාංකාධිපති තුමන් හට යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව වෙතින් කඳවුරු සම්මාන මුරයක් ලබාදී මහත් හරසරින් යුතුව එතුමන් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව කඳවුර තුල පැලයක් රෝපණය කිරීම සිදුකරනු ලැබීය. තවද 53 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ආර්ඩබ්ලිවිකේ හේවගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් සියළු නිලයින්ගේ සුභසාධනය උදෙසා නවතමයෙන් නවීකරණය කරන ලද ‘Araliya Speed Mart’ නමින් සුභසාධක වෙළඳසැලක්ද සේනාංකාධිපති තුමන් විසින් එදින විවෘත්ත කල අතර, මෙමගින් රණවිරු පවුල් රැසකට අඩු මුදලකට භාණ්ඩ මිළදී ගැනීමේ හැකියාව ලබාදි ඇත. මෙම සංවත්සරයේ තවත් සුවිශේෂි අවස්ථාවක් වශයෙන් සේනාංකය තුල පැවති ඉන්ධන මනුකරණයද නවීකරණය සිදුකර එදින විවෘත කරනු ලැබිය.

එසේම මෙම පාබල සේනාංකය හා යටතේ ඇති බලසේනා මූලස්ථාන 03 ක් ඒකක 10 ක් හා ගුවන් සංක්‍රමික පුහුණු පාසල නියෝජනය කරමින් භටපිරිස් අතර අන්නොන්‍ය සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් 2023.08.22 වන දින ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලැබූ අතර, 202308.23 වන දින පස්වරුවේ සේනාංක මූලස්ථානය වෙත සෙත්පතා මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කොට බෝධිපූජාමය පිංකමක් හා කාලීන ධර්මදේශණයක් සිදු කිරීම උත්සවයේ තවත් අංගයක් විය.