Header Sinhala

10th June 2023 00:11:57 Hours

53 පාබල සේනාංක කදවුරු පරිශ්‍රය ඉදිරිපස දුවා දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ළමා උද්‍යානයක් හා වායුරයිෆල් වෙඩ්පිටියක්

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පS එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම යටතේ 53 පාබල සේනාංක භූමිය ඉදිරිපස දුවා දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ළමා උද්‍යානයක් හා වායු රයිෆල් වෙඩිපිටියක් ඉදිකරණු ලැබු අතර, එය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය වන ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් 2023 මැයි මස 30 වන දින විවෘත කරණු ලැබීය.

එම අවස්ථාව සදහා මෙම සේනාංකයේ සේනාංකාධිපති තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිළයින් සහ කිඩ්ස් වර්ල්ඩ් පෙර පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන් 87 දෙනෙකු ඇතුලුව පාලිකාවන් 06 දෙනෙකු සහභාගි වන ලදී.