Header Sinhala

09th June 2023 23:58:29 Hours

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාංකාධිපති රාජකාරි අරඹයි

53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නව නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස බ්‍රිග්‍රේඩියර් ආර්ඩබ්ලිව්කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 මැයි 17 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි. නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද නියෝජ්‍ය සේනාංකාධිපති වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.