Header Sinhala

29th July 2022 15:32:19 Hours

4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් පවත්වන ලද වියළි ආහාර බෙදා දිමේ වැඩසටහන

කමාන්ඩෝ බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් විඑම්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් පිඑස්පි සමරසේකර ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්විම සහ අධික්‍ෂණය යටතේ 4 වන කමාන්ඩෝ ඒකකයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් හම්බන්තොට ගල්වැව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් 205 ක් සඳහා වියලි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් 2022.07.12 වන දින පැවැත් විය. මෙම වැඩසටහනේදි ගල්වැව පුරාණ රජමහා විහාරයේ වැඩ වසන භික්ෂුන් වහන්සේලාට ද වියලි සලාක මළු බෙදාදිම සිදු කරන ලදි.

මෙම වැඩසටහන වෙනුවෙන් “OOREDOO QATAR” සමාගමේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි ජේඑච් ඒකනායක මහතා විසින් මුල්‍ය අධාර ලබා දුන් අතර, මෙම වැඩසටහන ගල්වැව පුරාණ රජමහා විහරස්ථානයෙදි සාර්ථකව පවත්වන ලදි. එම අවස්ථාව සඳහා 4 වන කමාන්ඩෝ ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේවිටිඑස් කැකුලාවල එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සමාගමේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි ජේඑච් ඒකනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, 4 වන කමාන්ඩෝ ඒකකයේ “M” කණ්ඩායම සහ 1 වන කමාන්ඩෝ ඒකකයේ “B” කණ්ඩායමේ සියළුම නි/සෙසුනිලයින් සහභාගිවන ලදි .