Header Sinhala

18th September 2023 11:20:38 Hours

2023.08.15 දින අනු/ගන්තිරියාගම මහා විද්‍යාලයට පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ වැඩ සටහන

53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සංකල්පයකට අනුව 533 පාබල බලසේනා මූලස්ථානයේ පූර්ණ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ අනු/ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයේ සිසුන්ගේ පරිහරණය සඳහා පුස්තකාල පොත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයේදී සිදුකරන ලදී. ඒ සදහා මූල්‍ය දායකත්වය "ඕස්ට්‍රේලියා සිඩ්නි මධ්‍යම වෙරළ ශ්‍රී ලංකා ප්‍රජාව" විසින් සිදුකරන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිනි 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී, 533 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒඑම්එස්ඩිබි අධිකාරි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මධ්‍යම වෙරළ තීරයේ ශ්‍රී ලංකා ප්‍රජාව නියෝජනය කරමින් අනු/ගන්තිරියාගම පාලන අධිකාරී පාලිත අදිකාරම් මහතාගේ සහ එම මහත්මියගේ සහභාගිත්වයෙන් මහින්ද මහා විද්‍යාලයේදී එම උත්සවය සාර්ථකව සිදුකරන ලදී.