Header Sinhala

10th July 2024 09:49:56 Hours

19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවසක් ඉදිකෙරේ

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී මේජර් බීඒකේඅයිකේ බෝගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී මූලිකත්වයෙන් නිවසක් ඉදිකිරිම ආරම්භ කරන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා වැව ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ තාක්ෂණය සහ ශ්‍රමදායකත්වය මත මෙම නිවසය ඉදිකිරීම ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එස්එම්ඒඑල් අමීන් මහතා ඇතුළු ප්‍රදේශයේ දානපතියන් විසින් මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් 2024 ජුනි මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවස හිමි ප්‍රතිලාභියා වෙත සංකේතාත්මකව යතුර භාර දෙන ලදී. මීට අමතරව 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් නිවසේ හිමිකරුවෙත ත්‍යාග ප්‍රදානයක් ද සිදුකරන ලදී.

මෙම උත්සවය සඳහා 53 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජිඩීඑස්එම් අල්විස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.