Header Sinhala

13th June 2025 16:16:57 Hours

12 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපතිගේ නිල සංචාරය

ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්ර ආර්එස්පී, පීඑස්සී, එච්ඩීඑම්සී, 2025 මැයි 21 වන දින 12 වන බලඇණියේ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මීතොටමුල්ල කඳවුරට සිය පළමු නිල සංචාරය සිදු කළේය.

බලසේනාධිපතිවරයා 12 වන බලඇණියේ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා සහ සියලුම නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පසුව භට පිරිස් සඳහා සපයා ඇති පහසුකම් පරීක්ෂා කිරීම සඳහා ඔහු කඳවුරු පරික්ෂා කරණ ලදී.

බලඇණියේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් අණදෙන නිලධාරියා විසින් පවත්වන ලදී. සාර්ථක නිල සංචාරයක අවසානය සනිටුහන් කරමින් 12 වන බලඇණියේ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සමඟ දිවා භෝජන සංග්‍රහයකින් සංචාරය අවසන් විය.