23rd January 2026 15:45:28 Hours
1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සඳහා පවත්වන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාඨමාලා අංක 05 සාර්ථකව නිම කරමින් ඒ සඳහා වූ අවසන් දේශනය 2025 දෙසැම්බර් මස 29 වන දින නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී පැවැත්විණි. එම අවස්ථාවට 53 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ලදී.
තවද ඔවුන්ගේ විශේෂ දක්ෂතා සහ කුසලතා දැක්වූ පුද්ගලයින්හට පහත සඳහන් විශේෂ සම්මාන පිරිනමන ලදී.
අ. හොඳම වෙඩික්කරු - නි/70632 මේජර් එල්එල්කේඑම් අල්විස් - විපාරෙ
ආ. හොඳම ශාරීරික යෝග්‍යතාවය - සෙ/530662 ලාකෝ ජයකොඩි ජේඒඒකේ
ඇ. දක්ෂතම ශිෂ්‍යයා - සෙ/521192 සැරයන් කහවිට කේඩීටීඑස් ආර්එස්පී
ඈ. හොඳම කණ්ඩායම - ඒ කණ්ඩායම