Header Sinhala

09th June 2022 22:02:17 Hours

1 වන බලකායේ බලකාධිපති තුමන් 53 වන පාබල සේනාංයේ සංචාරය කිරිම

1 වන බලකායේ බලකාධිපති තුමන් මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 1 වන බලකායේ රාජකාරි භාර ගැනිමෙන් පසු තම දෙවන නිල සංචාරය ලෙස 53 වන පාබල සේනාංකය වෙත 2022.03.30 වන දින සංචාරය කරන ලදී.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සංජීව ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බලකාධිපතිතුමන් පිලිගන්නා ලද අතර, යුද්ධ හමුදා සම්ප්‍රදානුකුලව කදවුරු සම්මාන මුරයක් පිලිගන්වන ලදී. බලකාධිපති තුමන්ගේ 53 වන පාබල සේනාංකයේ සංචාරය සනිටුහන් කිරිම වස් කදවුරු භූමියේ සදුන් පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනි සිටි අතර, 53 වන පාබල සේනාංකය යටතේ රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රාජකාරින් පිලිබඳ සවිස්තරාත්මක හැදින්විමක් සිදු කරන ලදී.

තවද බලකාධිපති තුමන් 53 වන පාබල සේනාංකය සංචාරය තුලදි එම සේනාංකයේ රාජකාරි නියතු නිලධාරි/සෙසුනිලයින් ඇමතු අතර, ජාතික ආරක්‍ෂාව ඉටුකිරිමේදි ප්‍රදේශයේ භටපිරිස් වලට මුහුණ පෑමට සිදුවන අභියෝග සහ එහිදි ක්‍රියා කල යුතු ආකාරය සිහිපත් කල අතර, එම කටයුතු කැපවිමෙන් ඉටුකිරිමේ වැදගත් කම සහ නිරන්තර පුහුණුව ලැබිම තුලින් ඔවුගේ වෘත්තිය කුසලතා ප්‍රවර්ධන කිරිමේ වැදගත්කම අවදාරණය කළේය.

මෙම අවස්ථාව සදහා 53 වන පාබල සේනාංකධිපති තුමන්, බළසේනාධිපති වරුන්, 1 බලකා බ්‍රිගේඩියර් ප්‍රමානි, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහභාගි වු අතර, සිය සංචාරය සිහිවිම පිණිස සමරු පොතෙහි සටහනක් තබන ලදී.