Header Sinhala

23rd January 2026 16:12:07 Hours

1 වන බලකායේ නව බලකාධිපති 53 වන පාබල සේනාංකයේ නිල සංචාරයක

මෙම බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංඡිව ආර්ඵස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2026 ජනවාරි 08 වන දින 53 වන පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත වන ලදි.

53 වන පාබල සේනාංක මූලස්ථානයේ ගජබා රෙජිමේන්තුවට අයත් භට පිරිස් විසින් බලකාධිපති තුමන් වෙත විධිමත් හමුදා සම්මාන මුරයක් පිරිනමන ලදී. 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීඒටී ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් 1 වන බලකායේ බලකාධිපති තුමන් 53 වන පාබල සේනාංකයට පිළිගනු ලැබූ අතර, බලකාධිපති තුමන් විසින් සේනාංක කඳවුරු භුමියේ පැලයක් රෝපනය කරන ලදි. ඉන් පසු සියළු නිලයින් සමග සමුහ ඡායා රුපයකට පෙනි සිට සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයට සහභාගි වු අතර එම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වු අතර බලකාධිපති තුමන් විසින් භට පිරිස් ඇමතිමෙන් පසු අමුත්තන්ගේ පොතෙහි සටහන්ක් තබා නිල සංචාරය අවසන් කරන ලදි.