17th April 2025 09:44:02 Hours
ඉංගිරිය තම්බපාන සමාධි ධර්ම නිකේතනාරාමය වැඩවසන පුජ්‍ය මානාගේ සිරන හිමිගේ මුල්‍ය අනුග්‍රහයෙන් යුතුව ඉංගිරිය ප්‍රෙද්ශයේ දිලිදු පවුලක් සදහා 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨපිරිස් හි ශ්‍රමදායකාත්වයෙන් යුතුව ඉංගිරිය ප්‍රදේශයේ නවතමයෙන්ම ඉදිකරන ලද නිවාස ලාභියා වෙත භාරදිමේ වැඩසටහන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.04.02 වන දින පවත්වන ලදි.
අදාල නිවසෙහි ඉදිකරිම් කටයුතු 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඒඑස් රාජරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එල්එස්සී ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ 1 වන බලඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨපිරිස් හා තාක්‍ෂණය භාවිතා කරමින් සිදු කරන ලදි.
මෙම උත්සවය සදහා 582 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් එම්එල්ඩිඑස් මොල්ලිගොඩ යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් අනෙකුත් නිලයින් සහ අසල්වාසින්ගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකරන ලදි.