Header Sinhala

01st August 2023 23:45:40 Hours

1 බළකායේ බළකාධිපති ගුවන් සංග්‍රාමික බලසේනාව සහ 3 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ සංචාරය

1 බළකායේ සිව්වන බළකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු 2023 ජූලි 31 වන දින ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ 3 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ සිය පළමු සංචාරය සිදු කරන ලද අතර. ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්ජිඑස්එම් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහ යටතෙ පාලනය වන ඒකකයන් හී අණදෙන නිලධාරීන් බළකාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති ගුවන් සංග්‍රාමික බලසේනාවේ කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී.

1 බළකායේ සිව්වන බළකාධිපති ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ 3 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ හි සිය සංචාරය සනිටුහන් කිරිම සදහා පැළයක් රෝපණය කරන ලදී. 1 බළකායේ බළකාධිපති විසින් 3 වන පාබල රෙජිමේන්තු මූලස්ථානයේ හා ගුවන් සංග්‍රාමික බලසේනාවේ භට පිරිස් ඇමතීය. 1 බළකායේ බළකාධිපති අමුත්තන්ගේ පොත අත්සන් තබමින් ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ ඒකකයන් හී භඨපිරිස් වෙත ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් නිල සංචාරය අවසන් කරන ලදී.