Header Sinhala

10th August 2023 10:15:28 Hours

1 බළකායේ බලකාධිපති 58 පාබල සේනාංකයේ සංචාරය

1 බළකායේ සිව්වන බලකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු 2023 අගෝස්තු 04 වන දින 58 වන පාබල සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරත වු අතර, 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීඑස්සී විසින් 1 බළකායේ බලකාධිපති, මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

1 බළකායේ බලකාධිපති නිළ සංචාරය සනිටුහන් කිරීම උදෙසා පැළයක් රෝපණය කීරීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ඉන් අනතුරුව 58 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංකයේ ඉදිරි කටයුතු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. 1 බළකායේ බලකාධිපති විසින් සේනාංකයේ සියළු භඨපිරිස් ඇමතීමෙන් පසු සංචාරය සිහිවීම පිණිස අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් තබන ලදී.