Header Sinhala

06th September 2022 11:06:47 Hours

1 බළකාය මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

1 වන බලකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ "යුද හමුදාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැලැකීමේ වැදගත්කම " පිළිබද ආකර්ෂණීය හා කාලීන දේශනයක් 1 බළකාය හා ඊට අනුබද්ධ සේවා ඒකකවල නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් 2022 අගෝස්තු 25 වන දින මෙම මූලස්ථානයේදී පවත්වන ලදී.

හදවත් ස්පර්ශ කරන මෙම දේශනය පවත්වනු ලැබුවේ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්එම්එම් මොණරාගල යූඑස්පී, මනෝ වෛද්‍ය උපදේශක සහ ඔහුගේ යුධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ කණ්ඩායමක් විසිනි. වැඩසටහනේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැකීමේ ඇති වැදගත්කම පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. 1 බළකාය හා ඊට අනුබද්ධ සේවා ඒකකවල නිලධාරීන් සහ සෙසු නිලයින් 259 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.