Header Sinhala

21st January 2026 16:39:14 Hours

1 බලකායේ හතර වන සංවත්සරය සමරයි

1 බලකායේ හතර වන සංවත්සරය සැමරීම සඳහා 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී, මඟ පෙන්වීම යටතේ 1 බලකා මූලස්ථානයේදී වැඩ සටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවත්සර සැමරුම පවත්වන ලද අතර. 2025 ඔක්තෝබර් මස 15 සහ 16 යන දෙදින කිලිනොච්චිය ලුම්බිණි විහාරය, ශාන්ත තෙරේසා රෝමානු කතෝලික දේවස්ථානය සහ මුරුක්කණ්ඩි හින්දු කෝවිලේදී සර්ව ආගමික වතාවත් චාරිත්‍රානුකූලව පවත්වන ලදී.