Header Sinhala

15th May 2023 17:17:02 Hours

1 බලකායේ භඨපිරිස් විසින් වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු තරඟයක් සහ බත් දන්සලක් සංවිධානය කරයි

1 බලකාය භඨපිරිස් විසින් වෙසක් පොහොය නිමිත්තෙන් 2023 මැයි මස 05,06 සහ 07 යන තෙදින තුල බත් දන්සලක් සංවිධානය කරනු ලැබු අතර, ඒ සඳහා ඉරණමඩු සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් සහභාගී වූහ.

1 බලකායේ භඨපිරිස් විසින් සංවිධානය කරනු ලැබු බත් දන්සල සහ වෙසක් පහන් කූඩු තරගාවලිය, 1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් විවෘත කරන ලදී. කෙන්ගල්ල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පිඹුරේ ධර්මදේව හිමියන්ගේ අනුශාසනාවකින් අනතුරුව මෙම වැඩසටහන් මාලාව ආරම්භ කරන ලදී.

වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්‍රාහකයින් සඳහා වැඩසටහන අවසානයේදී එදින වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 1 බලකායේ බලකාධිපතිගේ සුරතින් ත්‍යාග ප්‍රධානය කළේය.

1 බලකායේ බලකාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ සිවිල් වැසියන් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කර ගත්තේය.