Header Sinhala

08th July 2022 10:26:11 Hours

1 බලකායේ භට පිරිස් විසින් පොසොන් ‍පොහොය නිමිත්තෙන් වියළි සලාක මළු ලබා දෙයි

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි පොසොන් පොහොය දිනයට සමගාමිව ඉරණමඩු ප්‍රදේශයේ තොරාගත් පවුල් අතරින් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අඩු ආදායම් ලාභි පවුල් 55ක් සඳහා වියලි සලාක මළු බෙදාදිමෙ වැඩසටහනක් 2022.06.14 වන දින පවත්වන ලද අතර, එක් වියලි සලාක මල්ලක වටිනාකම රුපියල් 2500.00 ක් පමණ විය. මෙම වියලි සලාක මළු පරිත්‍යාග කිරිම සඳහා භාණ්ඩ ලබාදිම 1 බලකායේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිලයින් විසින් සිදු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා 1 බලකායේ බ්‍රිගේඩියර් (පාලන/භාකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.