Header Sinhala

24th July 2023 07:28:47 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි 1 බලකායේ හතර වන බලකාධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් අනතුරුව 2023 ජුලි මස 21 වන දින විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කමල් අමරසිංහ ඩබ්ලිව් ඩබ්ලිව් වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, සංචාරයේ නිරත 1 බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර අතර.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 1 බලකායේ බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව එම බලසේනාවේ දේශන ශාලාවේදී භටපිරිස් ඇමතූ අතර ඉන් පසුව නිලධාරී නිවස්නයේ පැවති දිවා ආහාරය සඳහා සහභාගී වෙමින් නිලධාරීන් සමඟින් සිය අදහස් හුවමාරු කරගත්තේය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.