Header Sinhala

21st March 2023 10:05:30 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සංචාරයක

1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2023 මාර්තු 13 වන දින විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කමල් අමරසිංහ, සංචාරයේ නිරත 1 බලකායේ බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් පසුව එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 1 බලකායේ බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එම බලසේනාවේ කොනොනි සමාජ ශාලාවේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් නිලධාරී නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් නිලධාරීන් සමඟින් සිය අදහස් හුවමාරු කරගත්තේය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබුවේය.