15th December 2024 12:00:08 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒම්ටීඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී, 58 පාබල සේනාංකය සහ 583 පාබල බලසේනාව වෙත සිය පළමු නිල සංචාරය 2024 ඔක්තෝබර් මස 29 දින සිදු කළේය.
එතුමන් වෙත 58 පාබල සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් බලප්‍රදේශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලද අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද සිදුවිය. අනතුරුව, බලකාධිපති තුමන් භටපිරිස් අමතමින් පුහුණුව සහ විනය පවත්වා ගැනීම, සාමය ආරක්ෂා කිරීම සහ උසස් ප්රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. එතුමන් සමූහ ඡායා රූපයකට පෙනී සිටීමෙන් පසු අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සංචාරයේ පලමු අධියර නිම කරන ලදී.
ඉන් අනතුරුව බලකාධිපතිතුමන් 583 පාබල බලසේනාව වෙත සංචාරයක නිරත වූ අතර, එතුමන් එම මූලස්ථාන ප්‍රධාන දොරටුව අසල දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යාමේ ගෞරවාචාරය පුදකිරීමකින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. බලසේනාධිපති තුමන් විසින් කෙටි හැඳින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව එතුමන් එම පරිශ්‍ර තුල පැළ රෝපණය කල අතර, සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව සියලු නිළ තේ පැන් සංග්රයකටද සහභාගී වූහ.
අනතුරුව, එතුමන් භට පිරිස් අමතමින් සෙබළුන්ගේ පාලන කටයුතු නිසි ලෙස සිදු කරන ලෙස බලසේනාධිපති වෙත උපදෙස් ලබා දෙන ලදී.