Header Sinhala

24th July 2023 07:18:25 Hours

1 බලකායේ බලකාධිපතිතුමන් 53 පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නිල සංචාරය

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි 1 බලකායේ හතර වන බලකාධිපති ලෙස වැඩ භාර ගැනිමෙන් අනතුරුව 2023 ජුලි 14 වන දින 53 වන පාබල සේනාංක (ආර්එස්එෆ්) මුලස්ථානයේ කදවුරු සංචාරයේ නිරත වු අතර, එතුමන් හට ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු ගෞරවාචාරය පුදකරන ලදි.

බලකාධිපති විසින් මෙම පාබල සේමු සියළු භඨපිරිස් ඇමතු අතර නිළධාරි පසුව අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබා සේනාංක මුලස්ථානයෙන් පිටත්ව යන ලදි. මෙම අවස්ථාව සදහා මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් පීජිපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨනිලධාරි,බළසේනාධිපතිවරුන්,ඒකක අණදෙන නිළධාරිවරුන් හා සෙසුනිළයින් සහභාගි වන ලදි.