30th May 2025 11:16:42 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් මස 17 වන දින විශේෂ බලකා බලසේනාවෙහි නිල සංචාරයක් සිදු කළේය. ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට විශේෂ බලකා භට පිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරමින් එතුමන් පිළිගනු ලැබූහ.
විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජීඩබ්ලිව්ඊකේ ගනේගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් 1 බලකායේ බලකාධිපති ඇතුලු අනෙකුත් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
බලකාධිපති තුමන් විසින් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමෙන් පසු අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.
අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීමෙන් පසු සංචාරය අවසන් වූ අතර, පසුව බලකාධිපති විශේෂ බලකායට සහ බලසේනාධිපති යටතේ සිටින සියලුම අයවලුන් හට ඔවුන්ගේ අනාගත කටයුතු වල අඛණ්ඩ සාර්ථකත්වය සඳහා සිය සුබ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.