Header Sinhala

30th July 2023 13:30:49 Hours

1 බලකායේ බලකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත පැමිණීම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හා ත්‍රස්ත විරෝධී පාඨමාලා (HR & CT) අංක-31 සහ විශේෂ පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා (VVIP) අංක 6 හි පාඨමාලාව හදාරා විසිරයන සෙබළුන්හට සහතිකපත්‍ර හා ලාංඡන ප්‍රදානෝත්සවය

මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු, 1 බලකායේ හතර වන බලකාධිපති 2023 ජූලි 28 වැනි දින කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ හා 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙි නිල සංචාරයක නිරත විය. ප්‍රධාන දොරටුව අභියසදී කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් වීඑම්එන් හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් බලකාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදි. අනතුරුව බලසේනාධිපති හා 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙි අණදෙන නිලධාරි ඔවුන්ගේ කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලද අතර, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් පවත්වනු ලැබූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ ත්‍රස්ත විරෝධී පාඨමාලා (HR & CT) අංක-31 සහ විශේෂ පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා (VVIP) අංක 6 හි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බලකාධිපති සහභාගී විය. අවසානයේ සියළු භඨපිරිස් ඇමතීමෙන් පසු සිය සංචාරය අවසන් කිරීමට පෙර සමූහ ඡායාරූපයට පෙනී සිටින ලදී.