08th June 2025 15:18:59 Hours
1බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මස 18 වන දින ගනේමුල්ල කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක් සිදු කළේය. හමුදා සම්ප්‍රදායානුකූලව 1 බලකායේ බලකාධිපති තුමන් කඳවුරු සම්මාන මුරයකින් පිළිගනු ලැබීය.
ඉන්පසු 1බලකායේ බලකාධිපති කමාන්ඩෝ බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් හා කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති සමඟ සාකච්ඡාවක් පැවැත් විය. ඉන්පසුව 1 බලකායේ බලකාධිපති මෙරූන් ලෙගසි ශ්‍රවණාගාරයේදී කමාන්ඩෝ බලසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන් අමතමින් බලකාධිපති තම වටිනා අත්දැකීම් බෙදා හදා ගත් අතර, රැස්ව සිටි නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේදී අවදානය යොමුකල යුතු විශේෂ කරුණු කෙරෙහි සාකච්ඡා කළේය.
පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ සමූහ ඡායා රූපයකටද පෙනී සිටි බලකාධිපති තුමන් තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය. තවද සිය නිල සංචාරය සනිටුහන් කිරීම වස් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි අත්සනක්ද තැබූ බලකාධිපති තුමන් කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ සිය පළමු සංචාරය නිම කිරීමෙන් පසු කමාන්ඩෝ බලසේනා මූලස්ථානයෙන් පිටව යන ලදී.