Header Sinhala

08th June 2025 15:15:11 Hours

1 බලකායේ බලකාධිපති 583 පාබල බලසේනාවේ නිල සංචාරයක

1බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 අප්‍රේල් මස 21 වන දින 583 පාබල බලසේනාවෙහි නිල සංචාරයක් සිදු කල අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම බලසේනාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළහ.

මේ සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ද සහභාගී වූ අතර, අනතුරුව බලසේනාධිපති විසින් බලසේනාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායා රූපයකටද පෙනී සිටි අතර, අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වන ලදී. අනතුරුව බලකාධිපති තුමන් විසින් වෘත්තීය නිපුනත්වය, විනය සහ කැපවීම පිළිබඳව අවධාරණය කරමින් හරවත් දේශණයක් සිදුකරනු ලැබීය.

නිලධාරීන් අතර සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් නිලධාරී භෝජනාගාරයේ පැවති දිවා ආහාරයකින් පසුව 1බලකායේ බලකාධිපති තුමන් විසින් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තබමින් සංචාරය අවසන් කිරීමට මත්තෙන් බලසේනාවේ අඛණ්ඩ සාර්ථකත්වය සඳහා සිය අදහස් සහ සුභ පැතුම් එක් කරන ලදී.