Header Sinhala

08th June 2025 15:10:55 Hours

1 බලකායේ බලකාධිපති 581 පාබල බලසේනාවේ සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 අප්‍රේල් 19 වන දින 581 පාබල බලසේනාවට සිය මංගල නිල සංචාරය සිදු කළේය. හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරමින් බලසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්එම්ඩබ්ලිව්කේබී අබේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී හා අනෙකුත් නිලධාරීන් විසින් බලකාධිපති තුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව පැළයක් රෝපනය කළ එතුමන් සමූහ ඡායා රූපයකටද පෙනී සිටින ලදී. බලසේනාධිපති තුමන් විසින් සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කල අතර, 1 බලකායේ බලකාධිපති තුමන් විසින් භට පිරිස් අමතා කඳවුරු භූමිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සංචාරය නිමා කරන ලදී.