25th January 2026 19:08:33 Hours
මෙම බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරාල් පීඑස් සුභාත් සංඡිව ආර්ඵස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාඡාකාරි භාර ගැනීමෙන් අනතුරුව 2026.01.10 වන දින 58 පාබල සේනාංක මුලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදු කරන ලදි.
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේඡර් ඡෙනරාල් ඒඑම්ඒ අබේවර්ධන ඩබ්ලිවිඩබ්ලිවිවී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී ඡ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් එතුමන් පිළිගත් අතර චාරිත්ත්‍රනුකූලව කදවුරු මුරයක් පිරිනැමිමෙන් අනතුරුව 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සේනාංකයේ රාජකාරි ස්වභාවය පිළිබද හැදින්විමක් කල අතර බලකාධිපති තුමන්ගේ නිල සංචාරය සිහිපත්වීම පිණිස 58 පාබල සේමු කඳවුරු භූමියේ නා පැලයක් රෝපණය කිරීමෙන් පසු බලකාධිපති තුමන්,සේනාංකාධිපති,බලසේනාධිපති වරුන් හා ඵ්කක අණදෙන නිලධාරිවරුන් සහ පැමිණි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි/සෙසුනිලයින් සමගින් සමුහ ඡායාරූපයක් සදහා පෙනි සිටින ලදි. අනතුරුව භටපිරිස් ඇමතීම 58 පාබල සේමු දේශණ ශාලාවේදී සිදු කල අතර, ඉන් පසුව සියළුම නිල තේ පැන් සංග්‍රහය සදහා බලකාධිපති තුමන් සහභාගී වන ලදි.