Header Sinhala

24th December 2023 09:37:59 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) නිලධාරී රාජකාරි අරඹයි.

1 බලකා මුලස්ථානයේ 5 වන බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ලෙස කර්නල් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා යන නිලධාරී 2023 දෙසැම්බර් 07 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාව සඳහා මෙම බලකායේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වුහ.