Header Sinhala

27th July 2023 17:07:26 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) නිලධාරී රාජකාරි අරඹයි.

1 බලකා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ලෙස කර්නල් ඩී ඒ සිරිමාන්නගේ යන නිලධාරී 2023 ජුලි 26 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාව සඳහා පාලන/භාකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වුහ.