Header Sinhala

03rd September 2022 10:46:00 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සිය ධුරයේ රාජකාරි භාරගැනිම

මෙම 1 බලකා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ලෙස බ්‍රිගේඩියර් සුදත් කිතුල්ගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2022 අගෝස්තු මස 03 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදි.

නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආගමික වතාවක් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුවහන් කරන ලදි. මෙම අවස්ථාවට පාලන/භාකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වුහ.

මිට පෙර මෙම ධුරය හෙබවු බ්‍රිගේඩියර් අසේල අමරසේකර බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ලෙස ධුරයේ රාජකාරි භාර ගැනිමෙන් පසුව බ්‍රිගේඩියර් සුදත් කිතුල්ගොඩ 1 බලකායේ නව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ධුරය සදහා පත් කෙරුණි.