Header Sinhala

06th March 2025 18:13:17 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් එස්ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී මූලස්ථානය 1 බලකායේ 7 වැනි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස 2025 මාර්තු මස 04 දින වැඩ භාර ගන්නා ලදී. ආගමික ආශිර්වාද සමගින් නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී නිල ලේඛනයකට අත්සන් තැබීය.

1 වන බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් නව පත්වීමේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් අභිනවයෙන් පත්වූ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.

බ්‍රිගේඩියර් එස්ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් නව පත්වීමට පෙර අධ්‍යක්‍ෂක පාබල ලෙස රාජකාරී ඉටු කරන ලදී.