Header Sinhala

23rd January 2026 15:56:00 Hours

1 බලකායේ නව බලකාධිපති සිය ධූරයේ රාජකාරී අරම්භයි

මෙම බලකායේ නම වන බලකාධිපති ලෙස මේජර් ජෙනරාල් පිඒස් සුභාත් සංජිව ආර්ඒස්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2026 ජනවාරි මස 05 වන දින 1 බලකා මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාර ගන්නා ලදි.

රාජකාරි භාරගැනීම සඳහා 1 බලකා කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පිඒස් සුභාත් සංජිව ආර්ඒස්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් වෙත පලවන විජයබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රීගේඩියර් ඩිඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව බලකාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ නව බලකාධිපති විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 1 බලකායේ නමවන බලකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

නව බලකාධිපති තුමන් 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව සියළු භටපිරිස් අමතමින් බලකායේ අනාගත අභිවෘද්ධිය උදෙසා තම ඉදිරි දැක්ම සහ මෙහෙවර පැහැදිලි කරනු ලැබීය. ඉන් අනතුරුව එදින උත්සවයේ වැඩකටයුතු සමාප්තියට පත් කරමින් මේජර් ජෙනරාල් පිඒස් සුභාත් සංජිව ආර්ඒස්පි ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් කොනොනි සමාජ ශාලාවේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.