Header Sinhala

21st January 2026 16:45:28 Hours

1 බලකායේ නව කර්නල් සම්බන්ධීකරණ ධූරයේ රාජකාරී ආරම්භ කරයි

කර්නල් එම්ඒඩබ්ලිව් හේමන්ත කුමාර යූඑස්පී 2025 නොවැම්බර් මස 03 වන දින 1 බලකා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ ලෙස රාජකාරී භාර ගන්නා ලදී. ‘සෙත් පිරිත් සජ්ජායනා’ මධ්‍යයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී තම රාජකාරී භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛණයකට අත්සන් තැබීය. 1 බලකායේ නිලධාරීන් සහ සියලුම සෙසු නිලයින් නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරී තුමන් හට සිය සුභ පැතුම් එක් කළහ.