21st January 2026 15:13:52 Hours
කර්නල් කේඑම්එම්කේබී කඩවතමුදලි ආර්ඩබ්ලිව්පී 2025 සැප්තැම්බර් මස 11 වන දින 1 බලකා මූලස්ථානයේ 7 වන කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. ‘පිරිත් සජ්ජායනා’ මධ්‍යයේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් නිල ලේඛණයකට අත්සන් තැබීය. මෙහිදී 1 බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් නව ධූරයේ රාජකාරි භාර ගැනීම පිළිබඳව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී හට සුභ පැතුම් එක් කළහ.