Header Sinhala

21st October 2023 15:13:29 Hours

1 බලකායේ අභිමානවත් දෙවන සංවත්සර සැමරුම

1 බලකායේ ද‍ෙවන සංවත්සරය අභිමානවත් ලෙස කිලිනොච්චිය 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ 2023.10.17 වන දින පැවැත්විණි.

මෙම සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් සිදුකල අතර, 2023 ඔක්තෝම්බර් මස 4 වන දින 1 බලකා ධජයට හා සියලු භට පිරිස් වෙත ආශිර්වාද ලබා ගැනීම සඳහා කිරි ආහාර පූජාවක් හා බෝධි පූජා පිංකමක් 1 බලකායේ බලකාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝධිය අභියසදී හා රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිටදී සිදු කරන ලදී. අනෙකුත් ආගමික වතාවත් තිරුමුරුක්කණ්ඩි පුල්ලෙයාර් කෝවිලේදීත්, කිලිනොච්චියේ ජුම්මා පල්ලියේදීත්, කිලිනොච්චියේ ශාන්ත තෙරේසා දේවස්ථානයේදීත්, බෝධිපූජා පිංකම 1 බලකා විහාරස්ථානයේදීත් පැවැත් වූ අතර, මලයාලකුලම් හි එස්.කේ. වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හට දිවා භෝජන සංග්‍රහය සහ ත්‍යාග ප්‍රදානය කිරීම 1 බලකාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙයට සමගාමීව අන්තර් බලකා ක්‍රිකට් තරඟාවලියක් පවත්වා ජයග්‍රාහකයන් හට ත්‍යාග හා කුසලාන පිරිනමන ලදී.

අභිමානවත් දෙවන සංවත්සරික දිනය වූ 2023 ඔක්තෝම්බර් 17 වන දින 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, එන්ඩීයූ වෙත 53 වන පාසේමූ , 58 වන පාසේමූ, කමා බසේමූ හා විබ බසේමූ හි නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයින් 127 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. එහිදී බලකාධිපති විසින් භට පිරිස් අමතමින් “ සෙබලාගේ හොඳම සුභසාධනය පුහුණුව” බවත්, එසේ හෙයින් 1 බලකාය යටතේ විවිධ පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවත්, 1 බලකාය පසුගිය දෙවසරක කාලය තුල රට වෙනුවෙන් උපරිම සේවාවක් සිදු කර ඇති අතර, ඒ සඳහා දායක වූ සියලු නිලයින් හට තම කෘතවේදීතාවය පිරිනමන බවත්, ප්‍රකාශ කරන ලදී. දෙවන සංවත්සරය නිමිත්තෙන් මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ අතර, ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. අනතුරුව නෙළුම් පියස බහුකාර්ය ශාලාවේ දී පවත්වන ලද සියලු නිලයින්ගේ දිවා භෝජන සංග්‍රහයෙන් පසු දෙවන සැමරුමේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී.

මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී සේනාංකාධිපති 58 පාසේමූ, මුලස්ථාන 1 බළකායේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා සියලු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.