Header Sinhala

21st January 2026 16:49:18 Hours

1 බලකාය විසින් සංවිධානය කරන ලද පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමියගේ මගපෙන්විම යටතේ 2025.11.07 වන දින මලයාලපුරම් කිලි/තිරුවෙල්ලුවර් ප්‍රාථමික විද්‍යාලයේ දී පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 1 බලකාය විසින් සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල සිසු සිසුවියන් 40 දෙනෙකු හට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දුන් අතර. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ පරිත්‍යාගශීලී දායකත්වය ලබා දීම මගින් එම වැඩ සටහන වඩාත් සාර්ථක කර ගැනීමට හැකි විය.

මෙම බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී තුමාන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එම උත්සවය අවසන් කරමින් හරවත් දේශණයක් සිදු කරන ලදී. තවද පැමිණි සිටි සියලුම සිසු සිසුවියන් හට හා දෙමාපියන්හට තේ පැන් සංග්‍රහයක් සහ ප්‍රනීත දිවා ආහාර පාර්සලයක් පිරිනමන ලදී.