Header Sinhala

08th June 2025 15:34:48 Hours

1 බලකාය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

2569 වන “සම්බුද්ධ ජයන්තිය” තේමා කරගනිමින් 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයක් මත 1 බලකා මූලස්ථානය මගින් සංවිධානය කරන ලද, රුධිර පරිත්‍යාග වැඩ සටහනක් 2025 මැයි මස 14 වන වෙසක් පුන් පොහෝ දින පෙරවරු 0800 සිට කිලිනොච්චිය යුද හමුදා රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, කර්නල් සම්බන්ධීකරණ - කර්නල් ජේපීඑන්බී ජයසූරිය යූඑස්පී, කර්නල් පාලන/භකාස - කර්නල් ජීඒඅයිඑස් නානායක්කාර ඒඒටීඕ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කිලිනොච්චිය යුද හමුදා මූලික රෝහලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. තවද රුධිරය පරිත්‍යාග කිරීමේ මෙම ශ්‍රේෂ්ඨ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා කිලිනොච්චිය මහ රෝහලේ රුධිර බැංකු ශාඛාවේ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්, 1 බලකායේ හා ඒ යටතේ රාජකාරී කරනු ලබන නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 130 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දායක විය.