23rd January 2026 11:47:57 Hours
1 බලකාය විසින් කිලි/තිරුවල්ලුවර් ප්‍රාථමික විද්‍යාලයේ මුළුතැන්ගෙය ප්‍රතිසංස්කරණය කර නව සලාක ගබඩාවක් ඉදිකර දෙන ලදී. මෙය 1 බලකායේ බලකාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද අතර, 2025 දෙසැම්බර් මස 14 වන දින පාසල් බලධාරීන්හට නිල වශයෙන් භාර දෙන ලදී. ආරක්ෂක හමුදා ඉංජිනේරු කාර්යාලය - 1 බලකාය, සහ 1 බලකායේ භට පිරිස් විසින් සපයන ලද ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම පාසලේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ ගබඩාවක අවශ්‍යතාවය මෙමගින් සපුරාලීමට හැකි වූ අතර, ගබඩාව ඉදිකිරීම අගය කිරීමක් ලෙස, විදුහල්පති, ගුරු මණ්ඩලය සහ පාසලේ දෙමාපියන් ශ්‍රී ලංකා යුධ හමුදාවට ඔවුන්ගේ හෘදයාංගම කෘතඥතාව පළ කළහ.