Header Sinhala

07th February 2023 21:35:32 Hours

1 බලකා සමාජිකයින් හට “සම්බන්ධවීමේ නීති” පිළිබද වැඩමුළුවක්

1 බළකායේ නිති නිළධාරි කපිතන් එස්ඒටිඑච් ඩයස් විසින් මෙහෙයවන ලද “සම්බන්ධවීමේ නිතිය” යන මාතෘකාව යටතේ දින දෙකක වැඩමුළුවක් පවත්වනු ලැබු අතර, 2023 ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුල 1 බලකා මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම වැඩමුළුව 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ 1 බලකාය විසින් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහනේදි ශ්‍රි ලංකාවේ නිති පද්ධතිය,අධිකරණ ක්‍රියා පටිපාටිය,නිති වර්ගීකරණය,අධිකරණ ධුරාවලිය,පවතින නිති රාමුව යටතේ ත්‍රිවිධ හමුදා සහ පොලිසිය අතර සම්බන්ධීකරණය,ආරක්‍ෂක ආඥාපනත,හදිසි නිතිය සහ හදිසි නිති රෙගුලාසි, ජාත්‍යන්තර මානුෂීය නිතිය, මුලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සහ අභ්‍යන්තර ආරක්‍ෂක තත්වය සම්බන්ද නිති රිතින් පිලිබදව යුද්ධ හමුදා සමාජිකයින් දැනුවත් කරන ලදි.මෙම වැඩමුළුව සදහා 1 බලකායේ නිළධාරින් සහ සෙසුනිළයන් සහභාගි වු අතර 53,58 පාබල සේමු,කමාන්ඩෝ,විශේෂ බලකා බසේමු සහ 1 බලකාය යටතේ පාලනය වන ඒකකයන්හි නිළධාරින් හා සෙසුනිලයන් zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන ලදී.ඒ අනුව මෙම වැඩමුළුව සදහා නිලධාරින් 98 දෙනෙකු සහ සෙසුනිලයන් 2212 දෙනෙකු සහභාගි වුහ.