Header Sinhala

02nd May 2023 11:04:11 Hours

1 බලකා මූලස්ථානයේදී ධර්ම දේශනා පිංකමක් පැවැත්වීම

1 බලකා මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් අතර බෞද්ධාගමික ක්‍රියාවන් ඇදහීම, අනුගමනය කිරීම සහ එමගින් මානසික සුවය හා ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීම අරමුණින් 1 බලකා මූලස්ථානය වෙතින් 2023 අප්‍රේල් මස 24 දින කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී ධර්ම දේශනාවක් පැවැත්වීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි ගේ හා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

1 බලකා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත සේවා ඒකකයන්හි භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.

බළන්ගොඩ සීලසමාහිත ආරණ්‍ය සේනාසනයේ ‘අමා දොර විවර විය’ සදහම් පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් විසින් මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබූ අතර, එහිදී දිවංගත සියලුම රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත පිං අනුමෝදන් කළේය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්ලිව්පීඩබ්ලිව්සී පෙරේරා එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.