Header Sinhala

17th July 2022 21:40:31 Hours

1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 7 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ සංචාරය කිරිම

මෙම 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ රාජකාරි කරනු ලබන 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය වෙත 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.16 වන දින සංචාරය කරන ලදි.

මෙහිදි 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයේ අණදෙන නිලධාරි ඇතුළු සියළුම නිලධාරින් විසින් 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිලිගැනිමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලදි. අනතුරුව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමුහ ඡායාරූපකට පෙනි සිටින ලදි. ඉන් පසු ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකය වෙතින් ඉටුකරනු ලබන රාජකාරින් පිලිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරය නිරත විය. අවසානයේදි සියළුම නිලයින් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කරමින් ඒකකය තුල රාජකාරි නියුතු සියළුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ඉදිරි අනාගතයට සුභ පතමින් නිල සංචාරය අවසන් කරන ලදි.