Header Sinhala

17th July 2022 23:09:40 Hours

1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ සහ යුධ හමුදා රෝහල - කිලිනොච්චිය වෙත සංචාරය කිරිම

මෙම 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ රාජකාරි කරනු ලබන 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකාය සහ යුධ හමුදා රෝහල - කිලිනොච්චිය වෙත 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.21 වන දින සංචාරය කරන ලදි.

මෙහිදි 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියළුම නිලධාරින් විසින් 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිලිගැනිමෙන් අනතුරුව දේශන ශාලාවේ දි සියලු නිළයින් අමතා දේශනයක් සිදුකරන ලදි. ඉන් අනතුරුව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත විය. 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය නිමාවෙන් පසු යුධ හමුදා රෝහල - කිලිනොච්චිය වෙත සංචාරය කරන ලදි. ඉන් අනතුරුව සමුහ ඡායාරූපකට පෙනි සිටි අතර අවසානයේදි සියළුම නිලයින් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කරමින් සියළුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ඉදිරි අනාගතයට සුභ පතමින් නිල සංචාරය අවසන් කරන ලදි.