Header Sinhala

08th July 2022 09:48:22 Hours

1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 11 වන ඉංජිනේරු සේවා ඒකකයේ සංචාරය කිරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය විසුරුවා හැරිමෙන් පසු එම මුලස්ථානය යටතේ පාලන වු ඉනපෙ(කිලි), ආසේමු(මධ්‍යම) හි ස්ථානගත කිරිමෙන් පසු ඉනපෙ(කිලි) වෙතින් පාලනය කරන ලද සියළු සේවා ඒකකයන් මෙම 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ රාජකාරි කරනු ලබයි. එබැවින් 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.04 වන දින 11 වන ඉංජිනේරු සේවා ඒකකය වෙත සංචාරය කරන ලදි.

මෙහිදි 11 වන ඉංජිනේරු සේවා ඒකකයේ අණදෙන නිලධාරි ඇතුළු සියළුම නිලධාරින් විසින් 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිලිගැනිමෙන් පසු ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකය වෙතින් ඉටුකරනු ලබන රාජකාරින් පිලිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරය නිරත විය. අවසානයේදි සියළුම නිලයින් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කරමින් ඒකකය තුල රාජකාරි නියුතු සියළුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ඉදිරි අනාගතයට සුභ පතමින් නිල සංචාරය අවසන් කරන ලදි.