Header Sinhala

08th July 2022 12:19:35 Hours

1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි 7 වන ශ්‍රී ලංකා සේවා බලකායේ සංචාරය කිරිම

1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ රාජකාරි කරනු ලබන 7 වන ශ්‍රී ලංකා සේවා බලකාය වෙත 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) බ්‍රිගේඩියර් අසේල අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.06.07 වන දින සංචාරය කරන ලදි. 7 වන ශ්‍රී ලංකා සේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියළුම නිලධාරින් විසින් 1 බලකා බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිලිගන්නා ලදි.

මෙහිදි ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් සම්මන්ත්‍රන ශාලාවේදි 7 වන ශ්‍රී ලංකා සේවා බලකාය වෙතින් ඉටුකරනු ලබන රාජකාරින් පිලිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කිරිමෙන් පසු බ්‍රිගේඩියර් (පාලන/භාකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සමුහ ඡායාරූපකට පෙනි සිටිමෙන් අනතුරුව එම සංචාරය සනිටුහන් කිරිම වස් කඳවුරු පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කලෙය. ඉන් පසු තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් 7 වන ශ්‍රී ලංකා සේවා බලකා කඳවුරු භූමියේ සංචාරය කිරිමෙන් පසු බලකා දේශන ශාලාවේදි සියළුම නිලයින් අමතා ඉදිරි රාජකාරි ස්වාභාවය පිළිබඳ පැහැදිලි කරන ලදි. අවසානයේ සියළුම නිලධාරින්ගෙ සහ සෙසුනිලයින්ගේ ඉදිරි අනාගතයට සුභ පතමින් නිල සංචාරය අවසන් කරන ලදි.