17th December 2024 16:08:03 Hours
ඉදිරියේ පැවැත්විමට නියමිත දියකාවා අභ්‍යාසයේ ආරම්භක සාකච්ඡාවක් 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එම්ටිඅයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 02 දින 1 බලකා මුලස්ථානයේ දි පැවැත්විණි. බලකාධිපති විසින් ආරම්භක දේශණය සිදු කල අතර සාකච්ඡාවට බදුන් කල යුතු කරුණු සබැඳිව හැදින්විමක් සිදු කලේය.
සාකච්ඡාව තුළ දී දියකාවා අභ්‍යාසයෙහි පහත සදහන් කරුණු සාකච්ඡාවට බදුන් කරන ලදී. අභ්‍යාසය සිදු කරන ප්‍රදේශ, අභ්‍යාසය සිදුකරන කාලසීමාව, ත්‍රිවිධ හමුදා හා විදේශ රටවල් වලින් සහභාගිවන භඨපිරිස් සංඛ්‍යාව, ඉන්ධන හා ප්‍රවාහන අවශ්‍යතා ඇස්තමේන්තු පිරිවැය සහ අයවැය හා අනෙකුත් ප්‍රධාන කරුණු සාකච්ඡාව කලේය. මේ අතරතුර බලකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ජංගම මේහෙයුම් මැදිරිය පරික්ෂා කලේය.
53 පාබල සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑච්එම්එස් වික්‍රමරත්න ආර්එස්පී, 58 පාබල සේනාංකයේ නියොජ්‍ය සේනාවිධායක බ්‍රිග්‍රේඩියර් කේඑම්ඩිඑස් කුමාරසිංහ, විශේෂ බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් ඩීඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 1 බලකායේ මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් පිරිසක් සහභාගි විය.