Header Sinhala

31st May 2024 11:06:01 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ජීපීපී කුලතිලක එන්ඩීසී මූලස්ථානය 1 බලකායේ 6 වැනි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස 2024 මැයි මස 27 දින වැඩ භාර ගන්නා ලදී. සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී නිල ලේඛනයකට අත්සන් තැබීය.

1 වන බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් නව පත්වීමේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් අභිනවයෙන් පත්වූ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.

බ්‍රිගේඩියර් ජීපීපී කුලතිලක එන්ඩීසී විසින් නව පත්වීමට පෙර 64 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස රාජකාරී ඉටු කරන ලදී.