Header Sinhala

19th December 2023 09:25:07 Hours

‘‘හරිතවත් ලොවක් තනමු” තේමාව යටතේ රුක් රෝපන වැඩසටහනක්

දැයේ දූ දරුවන් සඳහා ‘‘හරිතවත් ලොවක් තනමු” තේමාව පෙරටු කර ගනිමින් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පුත්තලම වන අඩවි නිලධාරි කාර්යාලය සංවිධානයෙන් 2023.11.16 වන දින මංගලගම හන්දියේ සිට කල්අඩිය හන්දිය දක්වා කිලෝ මීටර් 2ක දුරක් ආවර්ණය වන පරිදි ප්‍රධාන මාර්ගය දෙපස රුක් රෝපනය කිරීමේ දිස්ත්‍රික් වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී කුඹුක් පැල හා කරද පැල 400 ක් රෝපනය කරන ලදී. ඒ සඳහා 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එච්ඩීඩබ්ලිව්කේඑන් ඊරියගම ආර්ඩබිලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකිරීමට සහයෝගය ලබාදෙන ලදී.