Header Sinhala

30th April 2023 11:38:19 Hours

සංඥා බලකායේ බලසේනාධිපති 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිය මංගල සංචාරය සිදු කරයි

සංඥා බලකායේ බලසේනාධිපති , කර්නල් එච්ඩීජේපී වීරතුංග 2023 අප්‍රේල් මස 5 වන දින 9 වන ශ්‍රීලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය. 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී වන ලුතිතන් කර්නල් බීඑම්එම්බී හේරත් ආර්එස්පී යුඑස්පී විසින් සංඥා බලකායේ බලසේනාධිපති ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකලහ. අනතුරුව අණදෙන නිලධාරී විසින් 1 බලකායේ සන්නිවේදන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලැබූ අතර පසුව බලසේනාධිපති අණදෙන නිලධාරී , ප්‍රාදේශිය සංඥා නිලධාරීන් සහ බලසේනා සංඥා නිලධාරීන් සමඟ සන්නිවේදන ගැටළු පිළිබදව සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව බලසේනාධිපතිතුමන් විසින් සිය සංචාරය සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

පසුව 9 වන ශ්‍රි ලංකා සංඥා බලකාය විද්‍යුත් සංග්‍රාමික ඒකකයක් බවට පරිවර්ථනය වීමත් සමග අනාගතයේදී ඔවුන් හට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබදව බලසේනාධිපති තුමන් විසින් භඨ පිරිස් ඇමතීමක් සිදු කරන ලදී. අනතුරුව සියලු නිලයන් තේ පැන් සංග්‍රයහකට එක් වූ අතර එහිදී නිලධාරීන් සහ සෙසු නිලයන් සම සිය අදහස් බෙදා ගත්තේය. කඳවුරු පරිශ්‍රයෙන් පිටව යාමට පෙර බලසේනාධිපති තුමන් විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.