Header Sinhala

17th February 2025 14:35:08 Hours

විශේෂ බලකා බලසේනාවෙහි නව බලසේනාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාර ගැනීම

විශේෂ බලකා බලසේනාවෙහි 18 වන බලකාධිපති ලෙස කර්නල් ජීඩබ්ලිව්ඊකේ ගනේගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී 2025 පෙබරවාරි මස 11 වන දින විශේෂ බලකා බලසේනා මූලස්ථානයේදී සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරි භාරගත් අතර,යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව විශේෂ බලකා බලසේනාධිපති තුමන් හට විශේෂ බලකා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් රාජකාරී භාරගැනීම සනිටුහන් කරන ලදී. වැඩ භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.